Search

ආසියානු රටකට ඔස්ටේ්‍රලියා වීසා ලබාදීමේ වෙනසක්

ඇෆ්ඝන් ජාතිකයන් වෙනුවෙන් වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීම කෙරෙහි ෆෙඩරල් රජයේ අවධානය යොමුවී තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඇෆ්ඝන් මෙහෙයුම් වලදී ඔස්ටේ්‍රලියානු සෙබලුන්ට උපකාර කල පුද්ගලයන්ට ඔස්ටේ්‍රලියාවේ මානුෂීය විසා ලබාදීමේ ක්‍රමය ඉතා මන්දගාමී බවට චෝදනා එල්ලවීමයි.

ඇෆ්ඝන් ජාතිකයන් 16,500 කට ඔස්ටේ්‍රලියාව තුළ ස්ථිර පදිංචි වීසා ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කලේ තලේබාන් සංවිධානය විසින් එහි බලය අත්පත් කරගැනීමත් සමගයි.

කෙසේවෙතත් මේ වනවිට 219,000 ක් පමණ ඒ සඳහා අයදුම් කර ඇති බව සඳහන්.

මෙම පිරිස අතුරින් ඔස්ටේ්‍රලියානු වීසා කොන්දේසි සපුරාලන පුද්ගලයන්ට කඩිනමින් වීසා බලපත් නිකුත් කර අවසන් කරන බවයි ඔස්ටේ්‍රලියා විදේශ අමාත්‍යංශය සඳහන් කරන්නේ.