Search

ඔප්ටස් සහ මෙඩිබෑන්ක් නිසා ක්වීන්ස්ලන්ඩ් රියදුරු බලපතට වෙනසක්

ඔප්ටස් සහ මෙඩිබෑන්ක් දත්ත වංචා හමුවේ රියදුරු බලපත්‍රය යොදා ගනිමින් සිදුකරන තහවුරු කිරීම් ක්‍රමවේදය සංශෝධනය කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රියදුරු බලපත් අංකයට අමතරව ඔවුන් වෙත නිකුත් කර ඇති දෙවන අංකයද ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති.

කෙසේවෙතත් එකම රියදුරු බලපත්‍රයේම මෙම දෙවන අංකයද මුද්‍රණය කර තිබීම හමුවේ එය කෙතරම් ආරක්ෂිතදැයි ගැටලු සහගත වී තිබෙනවා.

ඔප්ටස් වංචාවත් සමග ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් 170,000 ක් පමණ නව රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කර තිබුණා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සඳහන් කලේ පසුගිය සඳුදා සිටම මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බවයි.