Visit වීසා මගින් රට රස්සාවට යන්න ගිය 586 ක් කටුනායකදී අල්ලයි

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගතවූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා විදේශ ගතවීමට උත්සහ කළ පුද්ගලයින් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් කටයුතු කර ඇත.

පසුගිය කාලය තුළදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා විය.

ඔවුන් වැඩි වශයෙන් ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා විදේශ ගතවූ පිරිසක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

එරට පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාල විසින් මේ සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති වාර්ථා මගින්ද දැනුම් දී ඇත්තේ ඔවුන් එකී රටවලට පැමිණ ඇත්තේ සංචාරක වීසා මගින් බවත්, රැකියා නොමැතිව අතරමංව ඇති අයගේ වගකීම භාරගැනීම සඳහා කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් අදාල කාන්තාවන් එරට තුළදී විවිධ හිරිහැරයන්ට පත්ව ඇති බවත්ය.

මේ හේතුවෙන්  ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළුද  පැන නැගී ඇති බැවින් මේ පිළිබඳව සිය අවධානය යොමුකළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් සංචාරක වීසා මගින් නුපුහුණු රැකියාවන් සඳහා කාන්තාවන් යොමුවීම අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි 2022 නොවැම්බර් මස 11 වන දින සිට ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන මගින් විදේශ ගතකිරීම අත්හිටුවා ඇත.

 මේ අතර, ජනවාරි සිට ඔක්තෝම්බර් මාසය දක්වා විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයින් හා ආයතන 570ක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත මේ වන විට පැමිණිලි ලැබී තිබෙන අතර, ඉන් පැමිණිලි 182ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

මෙයට අමතරව එසේ වංචනික ලෙස අයකරගනු ලැබූ රු.28,383,000.00 ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබාදීමට කාර්යාංශය පියවර ගෙන ඇත.

විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලිවලට අදාළව වැටලීම් 17ක් සිදුකර ඇති අතර, සැකකරුවන්  43 දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇත.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »