තවත් මෙඩිබෑන්ක් ගණුදෙනුකරුවන්ගේ අතිශය පුද්ගලික තොරතුරු මුදා හරී

මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරකයන් විසින් ඉල්ලා ඇති කප්පම් මුදල ඩොලර් මිලියන 15 ක් බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් විසින් අද දිනයේදී තවත් පාරිභෝගිකයන් 200 කට ආසන්න පිරිසකගේ පුද්ගලික දත්ත හෙළිකර ඇති බව සඳහන්.

අතිශය පෞද්ගලික සෞඛ්‍ය තොරතුරු ඒවායෙහි අන්තර්ගත බවයි මෙඩිබෑන්ක් විසින් තහවුරු කර ඇත්තේ.

මේ අතර ගතවූ දින 02 තුළදී අනාවරණය කරන ලද තොරතුරුවලට අදාළ මෙඩිබෑන්ක්ප පාරිභෝගිකයන් වෙත ඝනයට යටත්වන දුරකථන ඇමතුම් ලැබීම පටන්ගෙන තිබෙනවා.

එමෙන්ම වර්ජින් ගුවන් සේවයේ නිරතුරුව ගමන් ගන්නා මගීන්ගේ (Virgin frequent flyers) ගිණුම් අද දිනයේදී අවහිර වී ඇත්තේද මෙඩිබෑන්ක් සයිබර් ප්‍රහාරය හේතුවෙන් බවටයි විශ්වාස කෙරෙන්නේ.

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »