විදුලි – ගෑස් මිළ පාලනයට ෆෙඩරල් රජයට මහජන අනුමැතිය

විදුලි සහ ගෑස් මිළ පාලනයට ෆෙඩරල් රජය මැදිහත්විය යුතු බවට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 90 කට ආසන්න පිරිසක් එකගතාවය පළකර තිබෙනවා.

ඒ අනුව විදුලිය හෝ ගෑස් අපනයනයට සීමා පැණවීම හෝ මහා පරිමාණ ගෑස් සමාගම් වෙත බදු පැණවිය යුතු බවටයි සියයට 86 ක පිරිසක් මත පළකර ඇත්තේ.

පුද්ගලයන් 1001 දෙනෙකු යොදාගනිමින් පසුගිය සතියේදී මෙම මත විමසුම සිදුකර තිබුණා.

බලශක්ති වෙළඳපොළ නියාමනයට ෆෙඩරල් රජය මැදිහත්විය යුතු බවට ෆෙඩරල් භාණ්ඩාගාරය විසින් ද පසුගියදා අනුමැතිය ලබාදුන්නා.

අමෙරිකාවේ සහ යුරෝපයේ ශීත සෘතුව එළැඹීමත් සමග බලශක්තිය සඳහා ඇති ඉල්ලුම ඉහළයාම මෙන්ම යුක්රේන රුසියා යුද්ධය හමුවේ ඉදිරි සති කිහිපයේදී ලොව පුරා බලශක්ති මිළ සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »