Search

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන්ට යළි Face-mask පළඳින්න උපදෙස්

නැවත වරක් කොවිඩ් අවධානම ඉහළයාම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් පිළිබඳ අවවාදාත්මක තත්වයක් හෙට සිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අවස්ථා කිහිපයකදී මුව ආවරණ භාවිතය නැවතත් සිදුකල යුතු බවටයි නිර්දේශ නිකුත් කර ඇත්තේ.

සෞඛ්‍යයට සම්බන්ධ ස්ථානවල – දුරස්ථභාවය පවත්වාගෙන යා නොහැකි ගෘහස්ථ කටයුතුවල සහ පොදු ප්‍රවාහනයේදී එම රෙගුලාසිය බලාත්මකයි.

වයස්ගත හෝ අවධානම් සෞඛ්‍ය තත්වයේ පසුවන්නන් / කොවිඩ් ආසාධිතයන් සමග සමීව කටයුතු කල පුද්ගලයන් මෙන්ම මෑතකදී වැඩි වේලාවක් රෝහල්තුළ කාලය ගත කල පුද්ගලයන්ද මෙම උපදේශයට යටත්.

සිය නිවසෙහි කොවිඩ් ආසාධිතයෙකු සිටී නම් දින 02 කට වරක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසටද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය දන්වා සිටිනවා.

කෙසේවෙතත් සාමාන්‍ය පරිදි රැකියා කටයුතුවල නිරතවිය හැකි බවයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය අවධාරණය කර සිටින්නේ.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »