චාල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්

තුන්වෙනි චාල්ස් රජතුමාට සහ කැමිලා බිසවට බිත්තර ප්‍රහාරයක් එල්ල කළ 23 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව යෝර්ක් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

යෝර්ක් නගරයේ පැවැත්වෙන සම්ප්‍රදායික උත්සවයක් සඳහා සහභාගී වීමට චාල්ස් රජු සහ කැමිලා බිසව පැමිණි අවස්ථාවේ මෙම බිත්තර ප්‍රහාරය එල්ල වී ඇත.

බිත්තර කිහිපයක් චාල්ස් රජු සහ කැමිලා බිසව දෙසට එල්ල වී ඇතත් බිත්තර ඔවුන්ගේ ඇඟේ වැදී නොමැත.

සමාජ මාධ්‍යයන් හි සැරිසරන වීඩියෝ දර්ශනවල බිත්තර හතරක් චාල්ස් රජුගේ සහ කැමිලා බිසවගේ හිසට ඉහළින් ගොස් බිම පතිත වේ.

පොලිසිය සහ එම ස්ථානයේ සිටි පිරිස වහාම ක්‍රියාත්මක වී ඔහු අල්ලාගෙන ඇත.

චාල්ස් රජු උතුරු එංගලන්තයේ දෙදින සංචාරයක නිරත වෙයි.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »