එන්නත් කටු නැති එන්නත් ඔස්ටේ්‍රලියාවේ අත්හදා බැලේ

එන්නත් කටු රහිත කොවිඩ් මර්දන එන්නත් ඔස්ටේ්‍රලියාව තුළදී අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් හි සරසවියක් සහ බ්‍රිස්බන් හි ප්‍රමුඛ සෞඛ්‍ය ආයතනයක් ඒකාබද්ධවයි එය සිදුකරනු ලබන්නේ.

මෙම එන්නත තත්පර 10 කට ආසන්න කාලයක් සම මත ස්පර්ශ වන ලෙස තබාගත යුතු අතර කිසිදු වේදනාවක් නොදැනීම විශේෂත්වයක්.

දැනට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන පුද්ගලයන් යොදාගනිමිනුයි මෙම එන්නත අත්හදා බැලෙන්නේ.

අවුරුදු 18 ත් 50 ත් අතර යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන ඕනෑම අයෙකුට ඒ සඳහා ඉදිරිපත් විය හැකියි.

2025 වසර වනවිට එය ස්ථිරවම භාවිතයට ගැනීමට හැකිවනු ඇති බවටද පර්යේෂකයන් අනාවැකි පළකරනවා.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »