Search

ධනුෂ්කගේ නඩුව මාධ්‍යයට විවෘත කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුවේ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පනවා තිබූ වාරණය ඉවත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි සිඩ්නි මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලකගේ පාර්ශවයෙන් ගොණුකර තිබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණය ගෙන තිබෙනවා.

සිඩ්නි පොලිසිය විසින් මෙම තොරතුරු මාධ්‍යයට විවෘත නොකරන ලෙස ඉල්ලා තිබුණේ පැමිණිලිකාරියගේ ආරක්ෂාව සහ ඇය අපහසුතාවට ලක්වීම වැළැක්වීමට යැයි පවසමින්.

වීඩියෝ තාක්ෂණය හරහා ඊයේ දිනයේත් ධනුෂ්ක ගුණතිලක අධිකරණය හමුවේ පෙනී සිට තිබුණා.

ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පසුගිය සඳුදා ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ශේප වූ අතර නැවත නඩු විභාගය පැවැත්වීමට ඇත්තේ ලබන වසරේ ජනවාරි 12 වනදායි.

ඒ අනුව ඔහුට ඉදිරි මාස 02 රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවනු ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

එහෙත් ඊට පෙර ධනුෂ්ක වෙනුවෙන් ඇප ලබාගැනීමට තවත් ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතීඥයන් සූදානමින් පසුවනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »