ඔස්ටේ්‍රලියානුවන් ලක්ෂ 97 කගේ පුද්ගලිකත්වය අනතුරේ

මෙඩිබෑන්ක් දත්ත පද්ධතියෙන් සොරාගත් පාරිභෝගිකයන්ගේ පුද්ගලික තොරතුරු අදාළ සයිබර් ප්‍රහාරකයන් විසින් අන්තර්ජාලයට මුදා හැරීම ආරම්භ කර තිබෙනවා.

දුරකථන අංක – මෙඩිකෙයාර් අංක – ලිපින – උපන්දින තොරතුරු ඇතුලු වැදගත් තොරතුරු රැසක් මෙලෙස නිරාවරණය කර ඇති බව සඳහන්.

මෙලෙස ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ තම දත්ත පද්ධතියෙන් සොරාගනු ලැබූ තොරතුරු බවද මෙඩිබෑන්ක් විසින් තහවුරු කර තිබෙනවා.

ඉල්ලා සිටි කප්පම් මුදල ගෙවීම මෙඩිබෑන්ක් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමගයි සයිබර් ප්‍රහාරකයන් විසින් දත්ත ප්‍රසිද්ධියට පත් කරන බවට අනතුරු අගවා සිටියේ.

උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ෆෙඩරල් රජය සහ මෙඩිබෑන්ක් විසින් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

කිසියම් අයුරකින් නාඳුනන දුරකථන අංකයකින් ලැබෙන ඇමතුම් – පණිවිඩ හෝ ඊ-මේල් සඳහා ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

මෙඩිබෑන්ක් පාරිභෝගිකයන් ලක්ෂ 97 කගේ පමණ තොරතුරු සොරාගත් බවටයි මේ වනවිට තහවුරු වී ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »