ලිංගික අතවරයකට හා අපයෝජනයකට ඔස්ටේ්‍රලියාවේදී පැනවිය හැකි දඩුවම් මෙන්න

ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව ලිංගික අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් සිදු කිරීම බරපතල අපරාධ වැරද්දක් ලෙස හඳුන්වයි.

ඒ අනුව යමෙක් මෙම වැරැද්ද සිදු කළහොත් එය අපරාධ නීතිය යටතේ සලකා බැලේ.

ඔස්ට්‍රේලියාවේ ලිංගික අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් ලෙස සලකන සිදුවීම් :

  • දූෂණය කිරීමක්
  • වයස අවුරුදු 18 ට අඩු ළමයෙකු අපයෝජනය කිරීමක්
  • Incest හෙවත් ආසන්න ඥාතීන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම්
  • අනෙක් පාර්ශවයේ අකමැත්තෙන් සිදු කෙරෙන ලිංගික ක්‍රියාකාරකම් (අයුතු පිරි මැදීම් සහ සිප වැළඳ ගැනීම්)
  • කාමුක දර්ශන නැරඹීමට කෙනෙකුට කරන බලපෑම වැනි දුරස්ථව සිදු කරන ක්‍රියාවන්
  • යම් පුද්ගලයෙකු යයි සිතා වරදවා වටහාගෙන ලිංගික ක්‍රියාකාරකමක නිරත වීම
  • ප්‍රතිකාරයක් ලෙස වරදවා වටහාගෙන ලිංගික ක්‍රියාකාරකමක නිරත වීම

ලිංගික අතවරයක් ඔස්ට්‍රේලියාවේ අපරාධ වරදක් වන බැවින් ප්‍රජා නියෝගයක සිට වසර 25 ක සිර දඬුවමක් දක්වා වූ පරාසයක දඬුවම් නියම කිරීමට හැකියාව තිබේ.

වරදේ ස්වභාවය අනුව දඬුවමේ ප්‍රමාණය වෙනස් වන බවද සඳහන්.

ළමා අපයෝජනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දැඩි ස්ථාවරයක සිටින බැවින් ඒ හා වරදකරුවන් වූ අයට දැඩි දඬුවම් පැනවෙන බවත් ඇතැම් විට ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමේ හැකියාව ඇත.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »