ඉවත ලන වයින් බෝතල්වලට ක්වීන්ස්ලන්ඩ් හිදී මුදල්

ඉවත ලන වයින් බෝතල් සඳහා ද මුදල් ගෙවීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

2018 වසරේදී ආරම්භ කෙරුණු ප්‍රාන්තයේ ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙල යටතේ එක් ඇසුරුමක් සඳහා ශත 10 බැගින් ගෙවනු ලබන අතර වීදුරු බෝතල් සඳහා මුදල් ගෙවීමක් සිදුවන්නේ නැහැ.

ගතවූ වසර 04 තුළදී ඩොලර් බිලියන 5.5 ක වටිනාකමින් යුත් විවිධ ඇසුරුම් සඳහා ඩොලර් මිලියන 540 ක මුදලක් ආපසු ගෙවා ඇති බව සඳහන්.

මෙම කාලය තුළදී ප්‍රතිචක්‍රීකරණ ඇසුරුම් ප්‍රතිශතයද සියයට 18 සිට සියයට 65 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

https://www.abc.net.au/news/2022-11-08/recycling-glass-wine-and-spirit-bottles-queensland/101630824

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »