පුහුණුව සඳහා පැමිණි සිසුන්ට (interns) අඩු වැටුප් ගෙවීමේ චෝදනාවකට වරදකරු වූ සිඩ්නි අවන්හලකට ඩොලර් 475,000 ක දඩයක් පණවා තිබෙනවා.
අවුරුදු 20 ත් 22 ත් අතර සිසුන් 2016 – 2017 අතර කාලයේදී මෙම අවන්හලෙහි පුහුණුව සඳහා පැමිණි අවස්ථාවේදීයි මෙම ශ්‍රම සූරා කෑම වාර්තා වී තිබුණේ.
85 Degrees නම් අවන්හලෙහි සේවය කල තායිවාන ජාතික සිසුන් 08 දෙනෙකුට එහිදී පැයකට ගෙවා තිබුණේ ඩොලර් 06 කටත් අඩු මුදලක්.
සතියකට පැය 70 කට ආසන්න කාලයක් ඔවුන් සේවය කර තිබූ නමුත් මාසයකට ගෙවා තිබුණේ ඩොලර් 1,650 ත් 1,750 ත් අතර මුදලක් පමණයි.
මෙම ආයතනය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි අනුව Fair Work Ombudsman විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුවයි මෙම දඩය පණවා ඇත්තේ.
සිසුන්ට ගෙවීමට නියමිත සියලු හිග වැටුප් ගෙවන්නැයිද 85 Degrees වෙත නියම කර තිබෙනවා.
2015 වසරේදීත් ඔවුන් මෙම චෝදනාවට වරදකරුවන් වී තිබූ බව සඳහන්.
Fair Work Ombudsman විසින් අධිකරණයක් ඉදිරියේ පණවන ලද නඩුවකදී නියම වූ දෙවන විශාලතම දඩයද මෙය වනවා.