Search

ඔප්ටස් දත්ත අවභාවිත කල තරුණයා වරද පිළිගනී – වසර 10 ක සිර දඩුවමක් ?

ඔප්ටස් සමාගමෙන් සොරාගත් දත්ත අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිංචි 19 හැවිරිදි තරුණයා චෝදනා 02 කට වරද පිළිගෙන තිබෙනවා.

ගණුදෙනුකරුවන් 93 දෙනෙකුට ඩොලර් 2,000 ක කප්පමක් බැගින් ඉල්ලූ බවට පිළිගෙන සමාව අයැද ඔහු විසින් අධිකරණයට ලිපියක් යොමුකර ඇති බව සඳහන්.

එම මුදල නොගෙවන්නේ නම් අදාළ දත්ත භාවිත කර මූල්‍ය අපරාධ සිදුකරන බවට චූදිතයා විසින් අනතුරු අගවා තිබුණද ඉන් කිසිවෙකුත් ඔහුට මුදල් ලබා දී තිබුණේ නැහැ.

මොහුට දඩුවම් නියම කිරීම ලබන වසරේදී සිදුකරන අතර උපරිම දඩුවම වසර 10 ක සිර දඩුවමක් බවයි නීතියේ දැක්වෙන්නේ.

මේ අතර මෙඩිබෑන්ක් සමාගමෙන් සොරාගත් දත්ත පැය 24 ක් ඇතුළත ප්‍රසිද්ධ කරන බවට සයිබර් ප්‍රහාරකයන් විසින් අනතුරු අගවා තිබෙනවා.

ඒ ඔවුන් ඉල්ලා සිටින කප්පම් මුදල නොගෙවන බවට මෙඩිබෑන්ක් සමාගම විසින් අවධාරණය කිරීමත් සමගයි.

පාරිභෝගිකයන් ලක්ෂ 97 කගේ පමණ පුද්ගලික දත්ත සොරාගෙන ඇති බවටයි ඔවුන් අනාවරණය කරගෙන ඇත්තේ.

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »