Search

කැමැත්තකින් තොර ලිංගික ක්‍රියා වරදක් වන නීතිය ගැන ඔබ දැනුවත්ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති චෝදනා අතුරින් එකක් වන්නේ අදාල තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික ක්‍රියා සඳහා යොදාගත් බවයි.

කුමක්ද මේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කැමැත්තකින් තොරව ලිංගික ක්‍රියා සඳහා යොදාගැනීම වරදක් වන නීතිය ?

මෙය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ පසුගිය ජූනි 01 වනදා සිටයි.

ඊට අනුව ලිංගික ක්‍රියාවක් සඳහා පොළඹවා ගැනීමේදී කිසියම් අයෙකු නිහඩව සිටියේ නම් එය අවසරය දීමක් ලෙස සැළකිය නොහැකියි.

අදාළ පුද්ගලයා අධික ලෙස බීමත්ව සිටි අවස්ථාවකදී කැමැත්ත දීමද අනුමත කෙරෙන්නේ නැහැ.

එක් ලිංගික කාර්යයක් සඳහා කැමැත්ත දීම යනු තවත් කාර්යයක් සඳහා අවසරය දීමක් ලෙසද සැළකීමට ප්‍රතිපාදන නැහැ.

ස්වකැමැත්තෙන් එකගතාවය පලකල යුතු අතර බලපෑම් කර කැමැත්ත ලබා නොගත යුතුයි.

ලිංගික කාර්යය අතරතුර ඕනෑම අවස්ථාවකදී ඉන් ඉවත්වීමට ද අවසර පවතිනවා.

නිදා සිටින අවස්ථාවකදී අදාළ අනුමැතිය ගැනීමටද ඉඩකඩ ලැබෙන්නේ නැහැ.

වැඩි විස්තර : https://www.dcj.nsw.gov.au/news-and-media/media-releases/2022/affirmative-consent-becomes-law-in-nsw.html

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »