
ඔස්ටේ්‍රලියාව තුළදී පහර කෑම්වලට සහ මානසික හිංසනවලට ලක්වීම් වැඩිම අවධානමක් සහිත වෘත්තිය ගුරු වෘත්තිය බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.
වසර 06 ක් පුරා රාජකාරි අතරතුර පහරදීම් පිළිබඳ ලැබුණු වන්දි ඉල්ලීම් ලක්ෂ 15 ක් සම්බන්ධයෙන් මොනෑෂ් සරසවිය විසින් කරනු ලැබූ අධ්‍යයනයකට අනුවයි මෙම කරුණු හෙළි වී ඇත්තේ.
කෙසේවෙතත් ගුරුවරුන් විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන බවද අනාවරණ වී තිබෙනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම වන්දි ඉල්ලීම් ප්‍රමාණයක් ලැබී තිබුණේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.
ක්වීන්ස්ලන්ඩ් දෙවන ස්ථානයට පත්වී තිබෙනවා.

සෙසු වෘත්තීන් හා සැළකීමේදී ගුරුවරුන් රාජකාරි අතරතුර පහරකෑම්වලට ලක්වීමේ සම්භාවිතාවය සියයට 74 කින් පමණ ඉහළ අගයක් ගන්නා බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.
සෙසු වෘත්තීන්ට සාපේක්ෂව ගුරුවරුන් මානසික හිංසනවලට ලක්වීම සියයට 33 කින් ඉහළ බවයි හෙළිවී ඇත්තේ.