කටාර් සහ ක්වන්ටාස් මත ගැටුමක

ගුවන් වාර සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය සහ ක්වන්ටාස් ගුවන් සේවය අතර මතභේදයක් ඇතිවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ නගර 05 ක් සඳහා කටාර් ගුවන් සේවය දැනට සතියකට ගුවන් වාර 28 ක් ක්‍රියාත්මක කරන අතර එය සියයට 50 කින් පමණ වැඩි කිරීමට අවසර දෙන ලෙසයි කටාර් ගුවන් සේවය විසින් ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

කෙසේවෙතත් ඒ සඳහා ක්වන්ටාස් ගුවන් සේවය විසින් බාධා කරන බවටයි කටාර් ගුවන් සේවය චෝදනා කරන්නේ.

කොවිඩ් සමයේදී ක්වන්ටාස් ගුවන් සේවය ගුවන් වාර අත්හිටුවනු ලැබුවද ඔස්ටේ්‍රලියාවේ සිට සහ ඔස්ටේ්‍රලියාව දක්වා අඛණ්ඩව තමන් ගුවන් වාර ක්‍රියාත්මක කල බවත් ඔවුන් පෙන්වා දෙනවා.

2020 මාර්තු සහ ජූනි දක්වා අතර කාලයේදී ඔස්ටේ්‍රලියානුවන් 32,000 ක් පමණ රට තුළට ගෙනා බවත් විදේශිකයන් 84,000 ක් පමණ ඔස්ටේ්‍රලියාවෙන් පිටතට රැගෙන ගිය බවත් කටාර් ගුවන් සේවය සඳහන් කලා.

ක්වන්ටාස් සමාගමේ මැද පෙරදිග ප්‍රධාන හවුල්කාර පාර්ශවය වන්නේ එමිරේට්ස් ගුවන් සේවය වන අතර කටාර් ගුවන් සේවය සහ ඔවුන් කලාපයේ ප්‍රධාන තරගකාරී ගුවන් සේවා 02 ක් ද වනවා.

එම බලපෑම හමුවේ ක්වන්ටාස් ගුවන් සේවය ඔස්ටේ්‍රලියාව දක්වා සිය ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කිරීමට බාධා කරන බවටයි කටාර් ගුවන් සේවය චෝදනා කර සිටින්නේ.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

NSW පොලිසියට එරෙහිව ජනතාව තීරණයක් ගනී

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට එරෙහිව සාමාන්‍ය ජනතාව විසින් පැමිණිලි 26,000කට වැඩි ප්‍රමාණයක් ගොනු කර ඇති බවට නව දත්ත මගින් හෙළිවී තිබෙනවා.

Read More »