නත්තලට තෑගි සහ පාර්සල් යවන අයට Australia Post වෙතින් විශේෂ පණිවිඩයක්!

නත්තලට තෑගි සහ පාර්සල් යවන අයට Australia Post වෙතින් විශේෂ පණිවිඩයක්!

Christmas mail delivery cut-off dates revealed by Australia Post!

නත්තල් දිනය සඳහා නියමිත වේලාවට ඔබේ පාර්සල් සහ ලිපි යැවීමට අවශ්‍නම් ඒ සඳහා ඔබගේ පාර්සල් භාර දිය යුතු නිශ්චිත දිනයන් ඕස්ට්‍රේලියානු පෝස්ට් විසින් හෙළි කර තිබේ.

මෙවර නත්තලට පසුගිය වසර වලට සාපේක්‍ෂව වැඩි වශයෙන් පාර්සල් සහ ලිපි බෙදාහැරීමට සිදු වන බවට අපේක්‍ෂා කරන හෙයින් මෙලෙස දිනයන් ප්‍රකාශ කිරීමට හේතු වී ඇත​.

“මේ වසරේ අප මුහුණ දී ඇති පෙර නොවූ විරූ වෙනස්කම් සමඟ, මෙම නත්තල් උත්සවය මීට පෙර සිදු වූවාට වඩා වෙනස් වනු ඇතැයි” Australia Post පැවසීය.

“අපි කාර්යබහුල නත්තල් කාලයට ළඟා වෙත්ම, මෙම දිනයන්ට පෙර​ ඔබේ පාර්සල් සහ ලිපි යැවීමට අපි නිර්දේශ කරමු.”

ඕස්ට්‍රේලියාව තුල​ පාර්සල් සහ ලිපි යැවීම සඳහා වන සාමාන්‍ය සේවාව (normal post)​ සඳහා අවසාන දිනය​ දෙසැම්බර් 12 වන අතර Express post සඳහා අවසාන දිනය දෙසැම්බර් 19 වේ.

ඔබ විදේශයකට යවන්නේ නම්, නවසීලන්තයට පාර්සල් සහ ලිපි යැවීම සඳහා වන සාමාන්‍ය සේවාව (normal post)​ සඳහා නොවැම්බර් 27 සහ Express post සඳහා දෙසැම්බර් 2 වේ.

මේ අතර, සෙසු රටවල් සඳහා සාමාන්‍ය සේවාව නොවැම්බර් 23 ද, Express post සඳහා දෙසැම්බර් 2 ද වේ.

වැඩි විස්තර​: Australia Post website

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »

පිහි ඇනුමෙන් පසු විවෘත වූ Westfield සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමිකරුවන්ට සහනයක්

6 දෙනෙකුට ජීවිත අහිමි කළ පිහි ඇනුමෙන් පසු පළමු වරට සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණය අද පෙරවරු 11ට විවෘත කෙරුණා.

Read More »