නිවු සවුත් වේල්ස් ටැක්සි ගාස්තු ඉහළ යන ළකුණු

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ටැක්සි ගාස්තු ඉහළ යන ළකුණු පළවී තිබෙනවා.

ඒ අනුව මගීන්ගෙන් දැනට අය කරන ඩොලර් 01 ක සේවා ගාස්තුව ඩොලර් 01.20 ක් දක්වා වැඩි කෙරෙනු ඇති බව සඳහන්.

සිඩ්නි ලියාපදිංචි ටැක්සි රථ ක්‍රියාකරුවන් සඳහා ලබාදීමට එකගවු ඩොලර් මිලියන 645 ක සහන පැකේජය ඩොලර් මිලියන 905 දක්වා ඉහළ නංවාලීමට අවශ්‍ය අමතර ප්‍රතිපාදන සොයාගැනීම සඳහායි මෙලෙස සේවා ගාස්තු ඉහළ දැමීමට යෝජනාවී ඇත්තේ.

නාගරික කලාපයේ එක් ක්‍රියාකරුවෙකුට උපරිම ටැක්සි රථ 06 ක් සඳහා ඩොලර් 150,000 ක් බැගින් වන මූල්‍යාධාරයක් ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

ප්‍රාදේශීය කලාපවල ක්‍රියාකරුවන්ට ඩොලර් 40,000 ත් 195,000 ත් අතර මුදලක් ලබාදීමට නියමිත අතර උපරිම රථ වාහන සංඛ්‍යාවක් එහිදී අදාල වන්නේ නැහැ.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් නිසා මරණයෙන් ගැලවුණු ඔස්ට්‍රේලියා ජීවිත ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් වැඩසටහන හේතුවෙන් 2021 වසරේ අගෝස්තු මාසයේ සිට 2022 වසරේ ජූලි මාසය අතර කාලසීමාව තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමණක් පුද්ගලයින් 20,000කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි වාර්තා වනවා.

Read More »