ධනුෂ්කට ඇප නෑ – තවදුරටත් ඔස්ටේ්‍රලියා අත්අඩංගුවේ

කාන්තාවකට ලිංගික අතවර චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි නුවර අධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව තවදුරටත් සිඩ්නි පොලිස් භාරයේ සිටීමට ඔහුට සිදුවන අතර වරදකරුවන් විශෝධන මධ්‍යස්ථානයක් වෙත ඔහු යොමු කරන ලෙසයි නියෝග කෙරුණේ.

ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය හරහා අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අත්විලංගු සහිතව වීම විශේෂත්වයක්.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරුන් ඊයේ දිනයේදී කළ ඇප ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේ දී ධනුෂ්ක ගුණතිලක ඊයේ අලුයම 01 ට පමණ නිවු සවුත් වේල්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සිඩ්නි හි නැගෙනහිර රෝස්බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක ගොනුකළ ලිංගික අතවර පැමිණිල්ලකට අදාළවයි.

අදාළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ ඩේටින් ඇප් එකක් හරහා අදාළ තරුණිය සහ ධනුෂ්ක ගුණතිලක මුල්වරට හඳුනාගෙන ඇති බවයි.

පසුව ඉකුත් බදාදා රාත්‍රියේ සිඩ්නි හිදි ඔවුන් දෙදෙනා රාත්‍රී ආහාරය ලබාගෙන පසුව එම තරුණියගේ නිවසට ගොස් ඇතැයි සඳහන්.

කෙසේවෙතත් එම නිවසේ දී ධනුෂ්ක ගුණතිලක තම කැමැත්තකින් තොරව තමන් ලිංගික අතවරයට ලක්කළ බවටයි අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත් වේල්ස් පොලීසියේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව අනුමැතියෙන් තොරව ලිංගික සංසර්ගයේ යෙදීම ඇතුලු චෝදනා 04 ක් ගොනුකර ඇති බවයි.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ඔස්ට්‍රලෙියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුණත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණයි.

නමුත් ආබාධයකට ගොදුරු වූ බව කියු ධනුෂ්ක තවදුරටත් සංචිතය තුළ රැඳිසිටිමින් කණ්ඩායම සමÛ පුහුණුවීම්වල පවා නිරතවනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ලිංගික අපරාධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම ජාත්‍යන්තර මාධ්‍ය රැසකම ප්‍රධාන පුවත බවටද පත්වී තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවයි.

ධනුෂ්ක ගුණතිලකට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර ඔහු මිට පෙර අවස්ථා ගණනාවකදී නිල සහ නොනිල වශයෙන් විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්ව සිටියා.

විනය කඩකිරීම සම්බන්ධයෙන් ධනුෂ්කට එල්ල වූ ආසන්නතම චෝදනාව වන්නේ පසුගිය වසරේ ජුනි මාසයේ එංගලන්ත සංචාරය අතරතුර තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග කොවිඩ් ජෛව බුබුල උල්ලංඝනය කරමින් ඩර්හැම් නුවර වීදියක් තුළ ගැවසීමයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »