වික්ටෝරියා අගමැතිගෙන් අලුත් මව්පියන්ට පොරොන්දුවක්

ඉදිරි මැතිවරණයෙන් තමා බලයට පත්වුවහොත් පළමු දරුවා ලබන දෙමව්පියන් සඳහා තවත් සහන ලබාදෙන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

ඒ අනුව ඩොලර් මිලියන 69 ක වටිනාකමින් යුත් සහන පැකේජයක් ඔවුන් වෙනුවෙන් හඳුන්වාදෙන බවටයි අගමැතිවරයා සහතික වූයේ.

Frankston සහ North cote ප්‍රදේශවල නව child care මධ්‍යස්ථාන 02 ක් ඉදි කිරීමද ඊට අයත්.

මාතෘ හා ළමා සෞඛ්‍යය සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට දෙමව්පියන්ට ලැබී ඇති නොමිළයේ කාලසීමාව පැය 08 දක්වා ඉහළ නැංවීමද ඩැනියල් ඇන්ඩෲස්ගේ යෝජනා අතර වනවා.

ඒ වෙනුවෙන්ද ඩොලර් මිලියන 04 ක අමතර ප්‍රතිපාදනයක් වෙන් කරන බවයි වික්ටෝරියා අගමැතිවරයා කියාසිටියේ.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසක කාලගුණ වෙනසක් ගැන දැනුම්දීමක්

මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ගිනිකොන දෙසින් ඇති වන කාලගුණික වෙනසක් හේතුවෙන් වසර පහකට පසු මෙල්බන් සහ ඒ අවට කලාපයේ සිසිල්ම දින කිහිපය වනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර තිබෙනවා.

Read More »

වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ගෙදර එන්න වෙයි

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Read More »