
සයිබර් ප්‍රහාරකයන් විසින් ඉල්ලා ඇති කප්පම් මුදල නොගෙවීමට Medibank විසින් තීරණය කර තිබෙනවා.
මිලියන 9.7 කට ආසන්න පාරිභෝගිකයන් පිරිසකගේ පුද්ගල නාම – උපන්දින – ලිපින – දුරකථන අංක – ඊ මේල් ලිපින ඔවුන් විසින් සොරාගෙන ඇති බව සඳහන්.
කෙසේවෙතත් ඔස්ටේ්‍රලියානු රජයේ ප්‍රතිපත්ති මත රැඳී සිටිමින් කිසිදු කප්පමක් නොදීමට තීරණය කර ඇති බවයි Medibank නිවේදනය කර සිටියේ.

මේ අතර මෙම වසර තුළදී ඔස්ටේ්‍රලියානුවන් අතුරින් 3/4 කට එනම් මිලියන 15 කට පමණ විවිධ වංචා සහගත දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවිඩ (Scam) ලැබී ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කරනවා.
කෙසේවෙතත් ඉන් නිසි අන්දමින් පැමිණිලි කර ඇත්තේ 1/5 ක් පමණක් බවටයි වාර්තා වන්නේ.

පසුගිය වසරේදී මෙවැනි වංචා සඳහා හසුවීමෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගත් මුදල ඩොලර් බිලියන 02 ක් පමණ වන බවට තක්සේරු කර තිබෙනවා.
මෙම වසරේදී එය ඩොලර් බිලියන 04 ක් දක්වා ඉහළ යනු ඇති බවටද පුරෝකථනය කර තිබෙනවා.
විවිධ වංචා සිදුකරන්නන් මේ වනවිට වට්ස්ඇප් මගින් වංචාවල නිරතවීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවද සඳහන්.