
ඔට්ටු රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව යටතේ මෙල්බන් ක්‍රවුන් මධ්‍යස්ථානයට ඩොලර් මිලියන 120 ක වාර්තාගත දඩයක් පණවා තිබෙනවා.
වික්ටෝරියානු ඔට්ටු තැබීම් සහ කැසිනෝ පාලක කොමිසම සඳහන් කලේ කිසිදු විවේකයකින් තොරව ගණුදෙනුකරුවන්ට සූදු ක්‍රීඩා කිරීමට අවසරදීමෙන් ඔවුන් මෙලෙස නීති කඩකර ඇති බවයි.
ඇතැම් අවස්ථාවලදී ගණුදෙනුකරුවන් අඛණ්ඩව පැය 24 කට වැඩි කාලයක් ක්‍රීඩා කල අවස්ථාද වාර්තා වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම වසර තුළදී මෙල්බන් ක්‍රවුන් මධ්‍යස්ථානයට මෙවැනි ඉහළ දඩයක් පැණවූ 02 වන අවස්ථාව මෙයයි.
වසර මුලදී ඔවුන්ට ඩොලර් මිලියන 80 ක දඩයක් නියම වූයේ චීනයෙන් නීති විරෝධී ලෙස මුදල් හුවමාරු කිරීමේ සිද්ධියකට අදාළවයි.
