Search

උත්සව සමයත් සමග කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

උත්සව සමය එළැඹීමත් සමග කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා කල හැකි බවට සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අගවනවා.

එබැවින් හැකි ඉක්මණින් බූස්ටර් මාත්‍රාව ගන්නා ලෙසයි ඔස්ටේ්‍රලියානුවන්ගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.

කොවිඩ් වැළඳී රෝහල්ගතවන පිරිසෙහි අඩුවක් පෙන්නුම් කෙරුණද එය සුලුකොට තැකීමෙන් වළකින ලෙසද ඉල්ලීමක් කෙරෙනවා.

මාස 03 කට පෙර දෙවන මාත්‍රාව ගෙන ඇත්නම් හෝ කොවිඩ් වැළඳී මාස 03 ක් ගතවී ඇත්නම් තමන්ට හිමි මීලග මාත්‍රාව හැකි ඉක්මණින් ලබාගන්නා ලෙසද සෞඛ්‍ය අංශ දන්වා සිටිනවා.

වික්ටෝරියා සහ නිවු සවුත් වේල්ස් යන ප්‍රාන්ත දෙකෙහිම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යා සීඝ්‍රයෙන් ඉහළයාමක් පෙන්නුම් කරන බවයි පසුගිය සතියේ සංඛ්‍යාලේඛණ විමසා බැලීමේදී අනාවරණ වන්නේ.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »