Search

පළමුවරට නිවසක් ගන්නා අයට වික්ටෝරියා විපක්ෂයෙන් තල්ලුවක්

ලබන 26 වනදා පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් මුද්දර ගාස්තුවෙන් නිදහස් කරන බවට වික්ටෝරියා ප්‍රාන්ත විපක්ෂය සහතික වනවා.

ඩොලර් මිලියනයකට වඩා අඩු වටිනාකමින් යුත් නිවාස සඳහා එම සහනය හිමිවන අතර එමගින් පවුල් 7,000 කට පමණ වසරකදී ලැබෙන ප්‍රතිලාභය ඩොලර් 55,000 කට අධිකයි.

ලබන ජනවාරි පළමුවනදා සිට වසරක කාලයක් සඳහා එය බලාත්මක වන අතර ඒ වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය දරන වියදම ඩොලර් මිලියන 261 ක්.

මේ අතර මැතිවරණය ජයගතහොත් වික්ටෝරියා හි යුධ විරුවන් 90,000 ක් වෙනුවෙන් රණවිරු වරප්‍රසාද කාඩ්පතක් හඳුන්වාදෙන බවට අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

වාහන ලියාපදිංචි කිරීමේදී ඩොලර් 100 ක ගාස්තු කපා හැරීමක්ද ඊට ඇතුළත්.

ඒ වෙනුවෙන් ප්‍රාන්ත රජය වැය කිරීමට සැළසුම් කර ඇති මුදල ඩොලර් මිලියන 37 ක්.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »