
ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමත් සමග සේවක කප්පාදුව පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර ඇත.
තම රැකියා අහිමි වී ඇතැයි විශ්වාස කරන බව එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් අන්තර් ජාලය හාරහා නිවේදන නිකුක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ඉලෝන් මස්ක් ට්විටර් සමාගම මිලදීගැනීමෙන් පසුව තීරණ රැසකට එළඹුනි.

එයින් එක් තීරණයක් වන්නේ සේවක කප්පාදුවයි.
මෙම සේවක කප්පාදුව ට්විටර් සමාගමේ යහපත සහ මුදල් ඉතිරි කිරීමේ උත්සහයක් ලෙස එම සමාගම නිවේදනය කරයි.

සේවකයින් තවමත් සේවයේ යෙදී සිටින්නේද යන්න පිළිබඳව තොරතුරු සමාගම විසින් එම සේවකයින් දැනුවත් කරන බව සමාගම නිවේදනය කරයි.
කාර්ය මණ්ඩලයට රැකියා අහිමිවී ඇත්දැයි දැන ගන්නා තෙක් ට්විටර් ගොඩනැගිල්ලට ඇතුළුවිමට නොහැකි වන පරිදි එහි කාර්යාල තාවකාලිකව වසා තබන බව සමාගම වැඩිදුරත් සඳහන් කර ඇත.
ට්විටර් සමාගමේ සේවක පිරිසෙන් භාගයක් එනම් 8,000 ක් පමණ සාමාජිකයින් රැකියා අහිමි වන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.