ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙනුත් පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

ඒ අනුව ඔහු පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කලේ.

එහිදී ඔහු වරදකරුවෙකු බවට පත්වුවහොත් දැඩි පියවරක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා.

ධනුෂ්ක ගුණතිලක ව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් හේතුවෙන් ගුණතිලක ව අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කළ බවය.

ඔහුව හෙට (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම නිවේදනයේ දැක්වෙයි.

එසේම එම චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි තීරණයක් ගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් නිව් සවුත්වේල්ස් පොලීසිය සඳහන් කළේ, 29 හැවිරිදි කාන්තාවක් ඉදිරිපත් කළ පැමිණිල්ලක් ගැන කරුණු සොයා බැලීමෙන් අනතුරුව 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකව අත්අඩංගුවට ගත් බවය.

සැකකරු Dating App එකක් හරහා ඇය හා අදහස් හුවමාරුකර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »