Search

ධනුෂ්ක ගැන ඔස්ටේ්‍රලියානු මාධ්‍යයත් වාර්තා කරයි

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනීම ඔස්ටේ්‍රලියානු මාධ්‍ය ආයතන ගණනාවක් විසින්ද වාර්තා කර තිබෙනවා.

ABC සහ The Australian වැනි ප්‍රමුඛතම මාධ්‍ය පවා මෙම සිදුවීම වාර්තා කර තිබීම විශේෂත්වයක්.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ටේ්‍රලියානු නීතිය යටතේ චෝදනා 04ක් ගොනු කර ඇති අතර ඔහුට පොලිස් ඇප ලබාදීම ද ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු අද සිඩ්නි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිඩ්නි වේලාවෙන් අද අලූයම 1.00 ට පමණ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලය තුලදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබූවා.

29 හැවිරිදි කාන්තාවක සමග ඔන්ලයින් යෙදුමක් (Dating App) හරහා දින ගණනාවක සිට ඔහු පණිවිඩ හුවමාරු කර ගෙන තිබෙන අතර පසුව ඔහු එම කාන්තාව ගේ නිවසට ගොස් ඇයව මුණගැසී ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරනු ලබන පොලිස් නිලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

එහිදී ධනුෂ්ක ගුණතිලක විසින් අදාළ කාන්තාව ලිංගික අතවරයකට පත්කර ඇති බවට ඇය විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අපරාධය සිදුවූ බව කියන නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි අදාළ කාන්තාවගේ නිවස ද පොලිසිය විසින් මේ වන විට පරීක්ෂා කර ඇති බව සඳහන්.

Auslankatv Today’s Top Stories.2024.10.07

ඇඩිලේඩ්වල $ ලක්ෂ 6කට වැඩි වැටුපක රැකියාවකට සුදුස්සෙකු සොයයි සිඩ්නිහිදී මිතුරාගේ වාහනයේ ගැටී ජාත්‍යන්තර සිසුවෙක් ජීවිතක්ෂයට පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

Read More »

ඇඩිලේඩ්වලින් බාලි දක්වා ගිය ගුවන් යානයක් හදිසි ගොඩබැස්විමක

ඇඩිලේඩ් සිට බාලිහි ඩෙන්පසාර් දක්වා පියාසර කරමින් තිබූ ජෙට්සාර් ගුවන් යානයක වැසිකිළි ගැටළුවක් හේතුවෙන් නැවත ගොඩබස්වා තිබෙනවා.

Read More »

වේගයෙන් යන්න ගිය මෙල්බන් තරුණයෙකුට කාර් එකත් නැති වෙයි

මෙල්බන් තදාසන්න ප්‍රදේශයක පැයට කිලෝමීටර 50ක වේග සීමා කලාපයකදී පැයට කිලෝමීටර 120කට වඩා වැඩි වේගයකින් ගමන් කිරීමේ චෝදනා එල්ල වූ තරුණයෙකුගේ රියදුරු බලපත්‍රය අත්හිටුවා තිබෙනවා.

Read More »

පාප් වහන්සේ විසින් මෙල්බන් බිෂොප්වරයෙක් කාදිනල් ධුරයට පත් කරයි

මෙල්බන්හි රදගුරු මයිකොලා බයිචොක් (Mykola Bychok) ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත් කරනු ලබන නව කාදිනල්වරුන් 21 දෙනාගෙන් කෙනෙකු ලෙස තෝරාගෙන තිබෙනවා.

Read More »