Update: ධනුෂ්කට ලිංගික අතවර ඇතුලු චෝදනා 04 ක් – අද සිඩ්නි අධිකරණයකට

සිඩ්නි හිදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ලිංගික අතවර චෝදනා ඇතුලු චෝදනා 04 ක් ගොණු කිරීමට නිවු සවුත් වේල්ස් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔහු අද සිඩ්නි අධිකරණයකට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Dating App එකක් හරහා හඳුනාගත් 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීම ධනුෂ්ක ගුණතිලකට එරෙහි චෝදනාවයි.

සිඩ්නි නගරයේ නිවසකදී පසුගිය සතියේදී මෙම සිදුවීම වාර්තා වී ඇතැයි සඳහන්.

ඊට අදාළව ලද පැමිණිල්ලක් අනුව නිවු සවුත් වේල්ස් පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයට පැමිණ ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගෙන තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක නොමැතිව නැවතත් අද පෙරවරුවේ සිඩ්නි නුවරින් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

පන්දුවාර 20 ලෝක කුසලානය ආරම්භයේදීම ආබාධයකට ලක්වූ ධනුෂ්ක ගුණතිලක සමස්ත තරගාවලියෙන් ඉවත් කෙරුණද ඔහු දිවයිනට පිටත් කර එවීමට බළධාරීන් කටයුතු කර තිබුණේ නැහැ.

ධනුෂ්ක ගුණතිලක මීට පෙර අවස්ථා ගණනාවකදීත් විවිධ චෝදනා මත තරග තහනම් පවා පණවනු ලැබුවෙක්.

ඉන් ප්‍රසිද්ධම සිදුවීම වූයේ එංගලන්ත සංචාරයකදී නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් සමග රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත්ව මහමග සදාචාර විරෝධී ලෙස හැසිරීමයි.

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »

චමරි අතපත්තු නැවතත් අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ජාත්‍යන්තර පිතිකරණ ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

Read More »

ගිරවුන් වෙළඳාමට නතර කරන්න කැන්බරා විද්‍යාඥයින්ගෙන් නව වැඩසටහනක්

කැන්බරා සහ එක්සත් රාජධානියේ විද්‍යාඥයින් පිරිසක් එක්ව ගිරවුන් ජාවාරම් කිරීම වැළක්වීම සඳහා DNA තාක්ෂණය භාවිත කරමින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාජ මාධ්‍යයෙන් අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන අයට වැඩ වරදී

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුදානම් බව ෆෙඩරල් රජය නිවේදනය කර තිබෙනවා.

Read More »

වල් ඌරන් නිසා නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ගැටලුවක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වල් ඌරු ගහනය ඉහල යාම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා වැඩි වශයෙන් අරමුදල් යොදවන ලෙසට ගොවීන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

Read More »