Search

ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් විදුලි බිල් ගාස්තු සහනය ඉල්ලුම් කර නෑ

විදුලි බිල් සඳහා ගාස්තු සහනයක් ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා සිටින ඔස්ටේ්‍රලියානුවන් බහුතරයක් ඒ පිළිබඳ නොදැනුවත්කමින් එම සහනය ලබා නොගන්නා බව අනාවරණ වී තිබෙනවා.

ඒක් එක් ප්‍රාන්ත රජයන් විසිනුයි මෙම සහන ලබා දී ඇත්තේ.

ඒ අනුව ACT ප්‍රාන්තයේ concession කාඩ් හිමියන් සඳහා ක්‍රියාත්මක ඩොලර් 750 ක සහනය සියයට 41 ක් විසින් මෙතෙක් ලබාගෙන නොමැති බවයි පැවසෙන්නේ.

දකුණු ඔස්ටේ්‍රලියාවේ ඩොලර් 242 ක සහනය සියයට 38 ක් විසින් මෙතෙක් අයදුම් කර නොමැති බව සඳහන්.

නිවු සවුත් වේල්ස් හි එම ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 35 ක් ලෙසයි. එහි පිරිනමන මුදල ඩොලර් 285 ක්.

ක්වීන්ස්ලන්ඩ් ජනතාව වෙනුවෙන් ඩොලර් 453 ක විදුලි බිල් සහනයක් ලබාගත හැකි අතර සියයට 29 ක් මෙතෙක් එය අයදුම් කර නැහැ.

ටස්මේනියා සහ වික්ටෝරියා ප්‍රාන්තවල සියයට 20 කට ආසන්න පිරිසක්ද ඔවුන්ට හිමිවන විදුලි බිල් සහ ගෑස් ගාස්තු සහනය පිළිබඳ නොදැනුවත්කමිනුයි පසුවන්නේ.

 

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »