Search

මහින්ද නැවත අගමැති ධුරයට ?

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නැවත අගමැති ධුරයට පත්කර ඔහුට ගෞරවනීය සමුගැනීමක් ලබාදීම සඳහා වන සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධානීන් පිරිසක් විසින් පවත්වා ඇත.

ඒ අනුව ඉතා කෙටි කලකට මහින්ද රාජපක්ෂ නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමට එහිදී යෝජනා වී තිබේ.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව අවසන් එකඟතාවයක් නැති ව අවසන් වී ඇත.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කළේ මහින්ද රාජපක්ෂ නුදුරේදීම ක්‍රියාකාරී දේශපාලන සමු ගැනීමට තීරණය කර ඇති බවය.

අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශව කිහිපයක් නායකත්වය කිහිපයක් යටතේ කටයුතු කරනු ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලනයේ ඉදිරියට යාමට දැනටමත් සාකච්ඡා කර ඇති බවටත් වාර්තා පල වෙමින් ඇත.

(Lanka C News)

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

Geelong හි මෝටර් රථ සොරකමක් මැඩලීමට ගිය පොලීසියට අනතුරක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Geelong හීදි සිදුවූ මෝටර් රථ සොරකමක් වැළැක්වීමට යාමේදී එක් නිළධාරියෙකු මෝටර් රථයක ගැටී තවත් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමක් සිදුවී තිබෙනවා.

Read More »