චෝදනාවලට වික්ටෝරියා අගමැතිගෙන් උත්තර

Victorian Premier Daniel Andrews addresses the media during a press conference in Melbourne, Wednesday, October 13, 2021. (AAP Image/James Ross) NO ARCHIVING

තමා කිසිදු අවස්ථාවක නීතියෙන් බැහැරව කටයුතු කර නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.

ප්‍රාන්ත දූෂණ මර්දන කොමිසම විසින් ඔහුට එරෙහිව ක්‍රියාත්මක කර ඇති විමර්ශනය පිළිබඳ කරුණු දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

දැනට සිදුකරමින් පවතින විමර්ශනයක් හේතුවෙන් මෙම පරීක්ෂණය පිළිබඳ මාධ්‍ය වාර්තා පළකිරීම වළක්වාලමින් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන පුවත්පතකට එරෙහිව වාරණයක් නිකුත් කර ඇති බවද ඩැනියල් ඇන්ඩෲස් සිහිපත් කරනවා.

කෙසේවෙතත් එම පුවත්පත විසින් පසුගිය සිකුරාදා දිනයේදී මීට අදාළව පළකර ඇති වාර්තාවක් මගින් තමාට එරෙහි විමර්ශනයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතුකරවන බවයි වික්ටෝරියා අගමැතිවරයා පවසන්නේ.

මෙය තවත් දින කිහිපයකින් පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී තමන්ට අවාසිසහගත තත්වයක් ඇති කිරීමේ උත්සාහයක් බවටද ඔහු චෝදනා කර සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සම්බන්ධයෙන් වික්ටෝරියා දූෂණ මර්දන ඒජන්සිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ 2018 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයට පෙර වික්ටෝරියා සෞඛ්‍ය සේවක වෘත්තිය සමිතියට ඩොලර් මිලියන 03 ක මුදලක් අයුතු ලෙස ලබාදී ඇති බව කියන චෝදනාවකට අදාළවයි.

නිසි අනුමැතියකින් තොරව අදාළ මුදල් නිදහස් කරන්නැයි ඩැනියල් ඇන්ඩෲස් විසින් බලපෑම් කල බව කියද චෝදනා පිළිබඳ මෙහිදී විමර්ශනය කිරීමට නියමිතයි.

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 26 වනදාටයි.

ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ වාහන අනතුරුවලට ලක්වෙයි

හිටපු අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදීන් ගමන් ගත් මෝටර් රථ දෙකක් ප්‍රදේශ දෙකකදී අනතුරට ලක්ව තිබෙනවා.

Read More »

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »