Medicare අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක්

Medicare අරමුදල තුළ සිදුව ඇතැයි පැවදෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ෆෙඩරල් රජය විසින් උපදෙස් දී තිබෙනවා.

රජය අවධාරණ කරන්නේ ඩොලර් බිලියන 32 කට ආසන්න මුදලක් සංසරණය වන අරමුදලේ සෑම ඩොලරයක්ම ඵලදායී අයුරින් යෙදවිය යුතු බවයි.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ වෛද්‍යවරුන් පිරිසක්ද සම්බන්ධවී Medicare අරමුදල හරහා වංචා සහගත ක්‍රියාවන් සිදුකරන බවට සති කිහිපයකට පෙර සිදුකල අනාවරණය පදනම් කරගෙනයි.

මියගිය පුද්ගලයන් වෙනුවෙන් සහ ව්‍යාජ බිල්පත් සකස් කර Medicare හරහා වසරකට ඩොලර් බිලියන 08 ක පමණ මූල්‍ය වංචාවක් සිදුවන බව එම ගවේෂණාත්මක අනාවරණයේදී හෙළිකරගෙන තිබුණා.

මීට අදාළ මූලික වාර්තාවක් ලබන ජනවාරි මාසයේදීත් පූර්ණ වාර්තාවක් පෙබරවාරි මාසයේදීත් ලබාදීමටයි නියමිතව ඇත්තේ.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »