ලාංකිකයන් යොමුකල ඔස්ටේ්‍රලියා වීසා අයදුම්පත් ගැන අලුත් අනාවරණයක්

මෙම වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියාවට පැමිණිම සඳහා 600 සහ 676 වීසා කාණ්ඩ යටතේ සංචාරක සහ ව්‍යාපාරික වීසා අයදුම්පත් යොමු කිරීම සහ අනුමත කිරීම් සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නවතම තොරතුරු හෙළිකර තිබෙනවා.

ඊට අනුව වැඩිම වීසා අයදුම්පත් සංඛ්‍යාවක් අනුමත කර ඇත්තේ අමෙරිකාවෙන් ලැබුණු අයදුම්පත් සඳහා වන අතර එහි ප්‍රතිශතය සියයට 95.3 ක්.

බ්‍රසීලය දෙවන ස්ථානයට පත්ව ඇත්තේ සියයට 94.1 ක අනුමත ප්‍රතිශතයක් සමගිනුයි.

ශ්‍රී ලංකාවේ අනුපාතය 77.3% ක්.

2019 වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ සංචාරක වීසා අයදුම්පත් මිලියන 1.3 ක් ගොනු කර ඇති අතර, මෙම වසරේ එම කාලය තුළ එම අගය 695,343 ක් පමණ බව සඳහන්.

කොවිඩ් වසංගතය පැමිණිමට පෙර කාලයට සාපේක්ෂව මෙම වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා තමන්ගේ වීසා බලපත්‍ර අනුමත කර ගැනීමට සංචාරකයින් තුන් ගුණයකටත් අධික කාලයක් බලා සිට ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙනවා.

600 සහ 676 යන වීසා උප ඛාණ්ඩවල සංචාරක වීසා සඳහා වූ අයදුම්පත්වලින් 75% ක් දින 59 ක් ඇතුළත සලකා බලා ඇති බව සඳහන්.

2019 වසරේ එම දින ගණන 16 ක් වූ අතර ඒ අනුව මේ වසරේදී සංචාරක වීසා අයදුම්පතක් සලකා බැලීම සඳහා 2019 වසරට සාපේක්ෂව 269 ගුණයක කාලයක් බලා සිටීමට සිදුවී තිබෙනවා.

ජුනි 1 වැනිදා සිට තාවකාලික සහ සංක්‍රමණ වීසා අයදුම්පත් මිලියන 2.8 කට ආසන්න ප්‍රමාණයක් සලකා බලා ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලා.

මිලියන 1.5 කට අධික සංචාරක වීසා සහ 199,000 ක ශිෂ්‍ය වීසා මෙන්ම 43,000 ක එැපචදර්රහ ිනසකකැා වීසා අයදුම්පත් ඊට ඇතුළත්.

2018/19 දී, කොවිඩ් වසංගතය පැමිණිමට පෙර, සංචාරක වීසා ආශ්‍රිත ප්‍රධාන රට චීනය වූ අතර, සංචාරක වීසා 856,110 ක් ලැබුණු බවත් එය අනුමත කළ මුළු සංචාරක වීසා මිලියන 5.2 න් සියයට 17 ක් බවත් වාර්තාවනවා.

CREDIT – SBS / Home Affairs Dept

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »