Search

වික්ටෝරියා අගමැති ගැන දූෂණ විමර්ශනයක්

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සම්බන්ධයෙන් වික්ටෝරියා දූෂණ මර්දන ඒජන්සිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ 2018 වසරේ පැවති ප්‍රාන්ත මැතිවරණයට පෙර වික්ටෝරියා සෞඛ්‍ය සේවක වෘත්තිය සමිතියට ඩොලර් මිලියන 03 ක මුදලක් අයුතු ලෙස ලබාදී ඇති බව කියන චෝදනාවකට අදාළවයි.

මෙවර මැතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමට තවත් දින 10 ක් පමණක් ඉතිරිව තිබියදී මෙම විමර්ශනය ආරම්භවීමද විශේෂත්වයක්.

නිසි අනුමැතියකින් තොරව අදාළ මුදල් නිදහස් කරන්නැයි ඩැනියල් ඇන්ඩෲස් විසින් බලපෑම් කල බව කියද චෝදනා පිළිබඳ මෙහිදී විමර්ශනය කිරීමට නියමිතයි.

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ දිනය යෙදී ඇත්තේ නොවැම්බර් 26 වනදාටයි.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »