නිවාඩු සමයේ ගුවන් ගමන්වලට බාධා

එළඹෙන නිවාඩු සමයේදී ඔස්ටේ්‍රලියාවේ ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන්වලට බාධා එල්ලවන ළකුණු පළවී තිබෙනවා.

ඒ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹිය යුතු බවට ගුවන් තොටුපළ ගිනි නිවීම් සේවක වෘත්තිය සමිති නියෝජිතයන් සියයට 93 ක් විසින් එකගතාවය පළ කිරීමත් සමගයි.

ඔස්ටේ්‍රලියාව පුරා ගුවන් තොටුපළ රැසක ගිනි නිවීම් භටයන්ගේ දැඩි හිගයක් පවතින බවත් එය වහා විසඳිය යුතු බවත් ඔවුන්ගේ ඉල්ලීම වී තිබෙනවා.

එමෙන්ම සේවක වැටුප් විෂමතා වහා ඉවත් කිරීම ඔවුන්ගේ තවත් ප්‍රධාන ඉල්ලීමක් වනවා.

කුමන ගුවන් තොටුපළවල කුමන දිනවල කවර ආකාරයෙන් වර්ජනය කරන්නේදැයි සේවක වෘත්තීය සමිති විසින් ලබන සතියේදී නිශ්චිතව තීරණය කරනු ඇති.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »