ක්වන්ටාස් ගුවන් යානයක් අවලංගු වීම හමුවේ ගුවන් මගීන් 300 කට ආසන්න පිරිසක් සිංගප්පූරුවේදී පැය 16 කට වැඩි කාලයක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.
සිංගප්පූරුවේ සිට සිඩ්නි දක්වා පැමිණීමට නියමිත QF82 ගුවන් යානය අවලංගු කර ඇති බව මගීන්ට දන්වා ඇත්තේ ඔවුන් ගුවන් යානයට පිවිසීම සඳහා වෙත රැඳී සිටියදීයි.
මගීන් අතුරින් 100 කට ආසන්න පිරිසකට පමණක් හෝටල් කාමර ලබාදීමට ක්වන්ටාස් ගුවන් සේවය කටයුතු කර ඇති අතර සෙසු පිරිස චැංගි ගුවන් තොටුපළෙම රැය පහන් කර ඇතැයි සඳහන්.
ගුවන් ප්‍රමාද ඇතුලු අසතුටුදායක කරුණු රැසක් හේතුවෙන් කව්න්ටාස් ගුවන් සේවයට අප්‍රසන්න සම්මානයක් ලැබීමෙන් දිනක් ගතවීමට පෙරයි මෙම සිදුවීම වාර්තා වන්නේ.
එමෙන්ම ක්වන්ටාස් ප්‍රධාන විධායක නිළධාරීට ඊයේ දිනයේදි ඩොලර් මිලියන 4 ක ආසන්න ප්‍රසාද දීමනාවක්ද ලබාදී තිබුණා.