ඉදිරි වසර කිහිපය ඔස්ටේ්‍රලියානුවන්ට අසීරු කාලසීමාවක් – සංචිත බැංකුව

ඉදිරි වසර කිහිපය ඔස්ටේ්‍රලියානුවන්ට අසීරු කාලසීමාවක් වනු ඇතැයි ෆෙඩරල් සංචිත බැංකුව අනතුරු අගවනවා.

මාස 03 කට වරක් නිකුත් කරන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ඔවුන් සඳහන් කරන්නේ සේවක වැටුප් වැඩිවීමක් ලබාදීමට 2024 වසරේ දෙවන අර්ධය පමණ වනු ඇති බවයි.

ලබන වසරේදී ආර්ථික වර්ධන වේගය සියයට 1.5 ක් වැනි අගයකට අඩුවනු ඇති බවයි ෆෙඩරල් සංචිත බැංකුව අනාවැකි පළකරන්නේ.

උද්ධමනය පූර්ණව යථා තත්වයට පත්වීමට 2025 වසර වනු ඇති බවයි මෙම වාර්තාවේ දැක්වෙන්නේ.

අඛණ්ඩව 07 වන මාසයටත් අගය ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව පසුගිය 01 වනදා කටයුතු කල අතර ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය වසර අවසාන වනවිට සියයට 08 ක් දක්වා ඉහළ යනු ඇති බවද ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »