Greater Geelong නගර කවුන්සිලය විසින් වාර්ෂිකව මුද්‍රණය කරන ලබන කැලැන්ඩරයේ මුල් පිටුව (Cover Photo) සරසන ඡායාරූපය සඳහා මෙවර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගෙන ඇති ඡායාරූපයක් තෝරාගෙන තිබෙනවා.
Corio Bay දැක්වෙන පරිදි Highton පදිංචි ශ්‍රී ලාංකික Lasith Perinpanayagam විසින් ගනු ලැබූ ඩ්‍රෝන ඡායාරූපයයි එම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ.
තවත් තරගකරුවන් 10,000 කට ආසන්න පිරිසක් යොමුකර තිබූ ඡායාරූප අතුරින් ඔන්ලයින් මත විමසුමකට අනුවයි Geelong නගරවාසීන් විසින් ලසිත්ගේ ඡායාරූපය තෝරාගෙන ඇත්තේ.
මාස 12 සඳහා තවත් ඡායාරූප 12 ක් ද තෝරා ගෙන ඇති අතර ඒවාද ඇතුළත් ලබන වසර සඳහාවන කැලැන්ඩරය හි සෑම නිවාසයක්ම සඳහා බෙදා හැරීම මේ දිනවල සිදුවනවා.
Lasith Perinpanayagam ට අදාළ නිල පිළිගැනීම ලබාදීම නගරාධිපති Peter Murrihy විසින් පසුගියදා සිදුකෙරුණා.
Credits :
https://www.facebook.com/geelongmayor
Lasith Perinpanayagam – https://www.facebook.com/Natzumi.yakuZa