Search

බලශක්ති ගැටලුව විසඳීමෙන් රජය ඉවත්වී නෑ

බලශක්ති අර්බුද ගැටලුව විසඳීමෙන් රජය ඉවත්වී නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ප්‍රාන්ත රජයන් සමගද ෆෙඩරල් රජය මේ පිළිබඳ සාකච්ඡා පවත්වමින් සිටින බවයි ඔහු කියාසිටියේ.

කිසියම් අයරකින් බලශක්ති සමාගම් විසින් විදුලි සහ ගෑස් මිළ ගණන් අඩු නොකලහොත් ඊට මැදිහත්වීමට තම රජය පසුබට නොවන බවද අද ක්වීන්ස්ලන්ඩ් හිදී පැවති වැඩසටහනක් අතරතුර අගමැතිවරයා සඳහන් කලා.

මේ අතර අයවැයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබාදුන් සහන රැසක් අද සිට බලාත්මක වනවා.

ඖෂධ ලබාගැනීම වැනි කරුණු ගණනාවකට ඒ යටතේ ඔවුන්ට වරප්‍රසාද රැසක් අද සිට හිමිවනු ඇති.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »