සිඩ්නි පරදා මෙල්බන් ඔස්ටේ්‍රලියාවේ 01 වන ළකුණු

2030 වසර වනවිට ජනගහණය අතින් ඔස්ටේ්‍රලියාවේ විශාලතම නගරය බවට මෙල්බන් නගරය පත්වනු ඇති බවට නවතම වාර්තාවක් හෙළි කර තිබෙනවා.

දැනට එම ස්ථානයේ පසුවන සිඩ්නි නගරයේ ජනගහණය හා මෙල්බන් ජනගහණය අතර පරතරය පවතින්නේ ලක්ෂයක පමණ අඩුවක් පමණයි.

කෙසේවෙතත් සිඩ්නි නගරයේ ජනගහණ වර්ධනයට සාපේක්ෂව මෙල්බන් නුවර පදිංචිකරුවන් සංඛ්‍යාව වර්ධන වේගය ඉහළ අගයක් ගැනීම හමුවේ ඔස්ටේ්‍රලියාවේ වැඩිම පිරිසක් වාසය කරන නගරය බවට මෙල්බන් පත්වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සිඩ්නි නගරයට සාපේක්ෂව නිවාස මිළ ඇතුලු අනෙකුත් වියදම් පහළ අගයක් ගැනීම හමුවේ මෙල්බන් නගරයට පැමිණෙන සංක්‍රමණිකයන් සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීමද මීට බලපා තිබෙනවා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගර සළකා බැලීමේදී වැඩිම ජනගහණ වර්ධන වේගයක් පෙන්නුම් කරන නගරය බවට පත්ව ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් හි අගනුවර වන බ්‍රිස්බන් නගරයයි..

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »