ශ්‍රී ලංකාවේ පළමු මංකිපොක්ස් ආසාධිතයා වාර්තාවෙයි

ශ්‍රී ලංකාව තුළින් පළමු මංකිපොක්ස් රෝගියා හඳුනාගෙන තිබෙනවා.

ඔහු ඉකුත් 01 වනදා ඩුබායි සිට පැමිණි වයස අවුරුදු 20ක පමණ ශ්‍රී ලාංකික තරුණයෙක්.

සමාජ රෝගියෙකු යැයි සිතා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහුව වඳුරු උණ රෝගියෙකු ලෙස හඳුනාගත් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා තිබෙනවා.

වසා ගැටිති විශාලවීම සහ වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් මෙම පුද්ගලයා ප්‍රතිකාර ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන්ට ඇතිවූ සැකය මත මෙම පුද්ගලයාව වෛද්‍ය පර්යේෂණ අංශයේ වෛරස් වේද අංශය වෙත යොමුකර ඇතැයි සඳහන්.

එහිදී සිදුකෙරුණු පරීක්ෂණ අනුව වඳුරු උණ සඳහා විශේෂිත වූ ජාන හඳුනා ගැනීමට හැකිවී තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයා IDH උණ රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවනවා.

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »