Search

ඔස්ටේ්‍රලියානු සමාගම්වල ව්‍යාජ අධ්‍යක්ෂවරුන්ට වැට බැඳේ

සමාගම්වල ව්‍යාජ අධ්‍යක්ෂවරුන් හඳුනාගැනීමට ඔස්ටේ්‍රලියානු බදු කාර්යාලය විසින් නව රෙගුලාසියක් පණවා තිබෙනවා.

ඒ අනුව මෙම මාසය අවසන් වනවිට ඔවුන් සියලු දෙනා අධ්‍යක්ෂවරුන් හඳුනාගැනීමේ අංකය (Director Identification Numbers – DIN) ලබාගැනීම අනිවාර්ය වනු ඇති.

සියලු මහා පරිමාණ ව්‍යාපාර – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර – ලාභ නොලබන කණ්ඩායම් මෙන්ම සුභ සාධක ආයතනද මෙම රෙගුලාසියට යටත් වනවා.

එක් එක් සමාගමේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණයට මෙම DIN අංකය හරහා බළධාරීන්ට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

දැනට ඔස්ටේ්‍රලියාව පුරා සිටින අධ්‍යක්ෂවරුන් ලක්ෂ 25 කට පමණ මේ දක්වා DIN අංකයක් නිකුත් කර නොමැති බවටයි හෙළිකරගෙන ඇත්තේ.

එමෙන්ම පාඩු ලබන සමාගම් බදු ගෙවීම පැහැර හැරීමට වෙනත් නමකින් නැවත ආරම්භ කිරීම වැනි ක්‍රම හරහා ඔස්ටේ්‍රලියානු ආර්ථිකයට වසරකදී අහිමිවන මුදල ඩොලර් බිලියන 03 ත් 05 ත් අතර වන බවට තක්සේරු කර තිබෙනවා.

අධ්‍යක්ෂ මණ්ඩලවල ව්‍යාජ වෙනස්කම් සිදුකිරීම වැනි ක්‍රියාද නව රෙගුලාසිය හරහා නතර වනු ඇති බවටද විශ්වාසය පළවනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »