ඔස්ටේ්‍රලියාවේ සෑම විනාඩි 07 කටම සයිබර් අපරාධයක්

ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානයට පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් තිබෙනවා.

එය පෙර වසර හා සැසඳීමේදී සියයට 13 ක ඉහළයාමක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සෑම විනාඩි 07 කටම වරක් කුමන හෝ සයිබර් අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබෙන බව මේ අනුව තහවුරු කරගෙන තිබෙනවා.

සොරාගන්නා ලද දත්ත අයථා ක්‍රියා සඳහා භාවිත කරන බවට සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් අනතුරු අගවා සිටීම මින් ප්‍රමුඛ වී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

ඔස්ටේ්‍රලියාවේ ප්‍රමුඛ පෙලේ සමාගම් වන ඔප්ටස් – මෙඩිබෑන්ක් ඇතුලු ආයතන ගණනාවකට මෑතකාලීනව එල්ලවූ සයිබර් ප්‍රහාර හමුවේ මිලියන ගණනක පුද්ගලික දත්ත සොරාගැනීමේ සිදුවීම් වාර්තා වුණා.

කෙසේවෙතත් වාර්තා නොවන සයිබර් ප්‍රහාරද සැළකූවිට මෙම තත්වය අතිශය භයානක බවයි ඔස්ටේ්‍රලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ.

එක් සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් කුඩා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 40,000 ක් – මධ්‍යම පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 62,000 ක් සහ මහා පරිමාණ ව්‍යාපාරයකට ඩොලර් 88,000 ක පිරිවැයක් දැරීමට සිදුවන බවද තහවුරු කරගෙන තිබෙනවා.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »