
රාජ්‍ය ආයතන සහ සමාගම්වල ප්‍රධානීන්ට සහ ප්‍රධාන විධායක නිළධාරීන්ට ඩොලර් මිලියන ගණනක ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ෆෙඩරල් රජය විසින් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා.
Australia Post, NBN සහ Snowy Hydro යන ආයතන 03 කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවී ඇති බවයි පැවසෙන්නේ.
මෙම ආයතන 03 හි ඉහළම කළමණාකාරීත්වයේ 24 දෙනෙකුට ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් පසුගිය වසරේදී වැටුපට අමතරව ප්‍රසාද දීමනා ලෙස ගෙවා ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

Australia Post වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේද විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් 350 දෙනෙකු සඳහා පසුගිය වසරේදී ඩොලර් මිලියන 24 ක ප්‍රසාද දීමනා ගෙවා ඇති බවයි.
ෆෙඩරල් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් අදාළ ආයතන ප්‍රධානීන්ගෙන් කරුණු විමසා ලිපි යොමු කර ඇති බව සඳහන්.

Australia Post විසින් ඉහළ කළමණාකාරීත්වයට ප්‍රසාද දීමනා ගෙවීම වසර කිහිපයකට පෙර අත්හිටුවනු ලැබුවේද අක්‍රමිකතා කිහිපයක් වාර්තාවීම හේතුවෙනුයි.