ඔස්ටේ්‍රලියානු ස්වදේශික ජනතාව බන්ධනාගාරගතවීම ඉහළට

PRISON

බන්ධනාගාරගතව සිටින ඔස්ටේ්‍රලියානු ස්වදේශික ජනතාවගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සමස්ත ජනගහණයෙන් ස්වදේශික ජනතාවගේ ප්‍රතිශතය සියයට 03 ක් පමණක් වුවද දැනට බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් සියයට 30 ක්ම ස්වදේශිකයන් බවයි තහවුරු කරගෙන ඇත්තේ.

එය 1995 වසරේදී පැවතී ඇත්තේ සියයට 17 ක් වැනි අඩු අගයකයි.

2006 වසරේ ජූනි 30 වනදා වනවිට ස්වදේශික ජනතාව 100,000 කට බන්ධනාගාර රැඳවියන් සිට ඇත්තේ 1690 ක් පමණක් වුවද 2021 ජූනි 30 වනදා වනවිට එම අගය 2412 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රතිශතයක් ලෙස වැඩිම ස්වදේශික ජනතාවක් බන්ධනාගාරගතවී ඇත්තේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වන අතර එය සියයට 29 ක්.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »