අධික රාජකාරි හමුවේ ඔස්ටේ්‍රලියාව තුළ ඉදි කිරීම් සේවකයන් සේවා මුරය තුළදී 02 වන විවේක කාලය ගැනීම අඩු කර ඇති බව අනාවරණ වී තිබෙනවා.
සියයට 40 කට ආසන්න පිරිසක් එක් විවේක කාලයක් පමණක් ගන්නා බවත් සියයට 45 කට ආසන්න පිරිසක් පැය 09 කට වඩා සේවය කරන බවත් මෙහිදී තහවුරු වී ඇති බව සඳහන්.
නියමිත ඉලක්ක සපුරාගැනීමේ අසීරුතා හමුවේ බොහෝ පිරිසක් දෙවන විවේකය අතහැර දමා ඇති බවයි වාර්තා වන්නේ.
සියයට 26 කට ආසන්න ඉදි කිරීම් සේවකයන් පසුගිය වසරේදී වාර්ෂික නිවාඩු ගෙන නොමැති බව සඳහන්.
සියයට 64 ක් රාජකාරි අඩාල වනු ඇතැයි බියෙන් නිවාඩු ගැනීමට පසුබට වන බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.