ඔස්ටේ්‍රලියානුවන්ගේ මූල්‍ය පීඩනය ඉහළට

ඔස්ටේ‍රලියානුවන්ගේ මූල්‍ය පීඩනය කොවිඩ් වසංගතයෙන් පසු ඉහළම අගයට ළගාවී ඇතැයි ඔස්ටේ‍රලියා ජාතික විශ්ව විද්‍යාලය සිදුකල අධ්‍යයනයකදී අනාවරණ වී තිබෙනවා.

3500 කට ආසන්න පිරිසක් සහභාගී කරවාගනිමින් සිදුකල සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ සෑම 04 දෙනෙකුගෙන්ම අයෙකු සිය ආදායම් මාර්ග සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක පසුවන බවයි.

2020 වසරේ පෙබරවාරි මාසයේදී සතියක වැඩ කරන පැය ගණනෙහි සාමාන්‍ය 21.9 ක් ලෙස පැවතියද මේ වනවිට එය 22.6 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

කෙසේවෙතත් ගතවූ මාස 06 තුළදී වියදමට සාපේක්ෂව සිය ආදායම සියයට 3.1 කින් පහළ ගොස් ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

2020 වසරේ පෙබරවාරි මාසයේදී සාමාන්‍ය පවුලක සතියක ආදායම ඩොලර් 1800 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය ඩොලර් 1629 ක් දක්වා පහළ ගොස් ඇති බවයි මෙහිදී අනාවරණ වී තිබුණේ.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »