Search

මෙල්බන් ගුවන් තොටුපළේ රියදුරු මාෆියාවක්

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රියදුරු මාෆියාව මර්දනයට වගකිවයුතු පාර්ශව නිසි පියවරක් නොගන්නා බවට චෝදනා එල්ල වනවා.

අවසර ලැබී ඇති කුලී රථ රියදුරන්ට අමතරව වෙනත් බාහිර පාර්ශවද මගී පර්යන්ත අසළ රැඳී සිටිමින් ඔවුන්ට අවහිර වන ආකාරයෙන් කටයුතු කරන බවයි අනුමත රියදුරන් පෙන්වා දෙන්නේ.

මෙම තත්වය වලක්වාලීමට 2019 වසරේදී නීති මාලාවක් සම්මත කර ඇතත් එය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන මගීන්ගෙන් කුළී ගමනක් යාමට අවශ්‍යදැයි බලහත්කාරයෙන් විමසීම ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා.

නියාමනයට ලක් නොවන එවැනි කුළී රියදුරන් විසින් අධික මිළ ගණන් අය කරන බවටද චෝදනා පවතිනවා.

මේ අතර මෙල්බන් ගුවන් තොටුපළ බළධාරීන් පවසන්නේ මෙම වසර තුළ මේ දක්වා අනවසර රියදුරන් 125 දෙනෙකුට දඩ නියම කර ඇති බවයි.

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ජනප්‍රිය “Toy Shop” එකක අනතුර සොරකමක් වෙයි

මෙල්බන් හි ජනප්‍රියතම සෙල්ලම්ඉඩු අළෙවි සැලක් කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

දූෂිත ගුවන්‍ යානා ගණුදෙනුවක් හේතුවෙන් උදයංගට සහ කපිලට ඇමරිකාවෙන් සම්බාධක

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.

Read More »

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »