Search

සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යන අයට තහනමක්

පසුගිය දිනවලදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වී විවිධ හිරිහැරයන්ට පත්වු කාන්තාවන් පිළිබඳව කාර්යාංශයට තොරතුරු වාර්තා වූ අතර, එසේ විදේශ ගතවූවන් මුහුණ පෑ විවිධ හිංසනයන් පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍යය මගින් තොරතුරු ප්‍රචාරණය විය.

විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා යොමුවන සියළුම ශ්‍රි ලාංකිකයින් සඳහා නීත්‍යානුකූල මාර්ගයෙන් විදේශ ගතවීමේ වැදගත්කම පිළිබඳව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුවත් කර ඇත.

එහෙත් නීත්‍යානුකුල විදේශගතවිම පසෙක ලා බාහිර පාර්ශවයන් හරහා සංචාරක වීසා මගින් විදේශ ගතවන අවස්ථාවේදි, තමන් ඒ පිළිබඳ ව්‍යාජ තොරතුරු ගුවන් තොටුපොල කාර්යාංශ ඒකකය වෙත ඉදිරිපත් කරමින්  විදෙස් ගතවූ තැනැත්තන් එකී හිරිහැරයන් සඳහා වැඩි වශයෙන් මුහුණ පා ඇති බව පෙනී ගිය කරුණකි.

ඒ අනුව ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාල විසින් එරට තුළ අතරමංව ඇති ශ්‍රි ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත ඉදිරිපත් කර ඇති වාර්ථා මගින් පැහැදිලිවනුයේ ඔවුන් වැඩි වශයෙන් එකී රටවලට පැමිණ ඇත්තේ සංචාරක වීසා මගින් බවත්, ඔවුන් සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ රැකියා පිළිබඳ වගකීම භාරගැනීම සඳහා කිසිඳු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් අදාල කාන්තාවන් එරට තුළදී අතරමං වූ පිරිසක් වශයෙන් කල් ගෙවන බවත්,  ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ ගැටළුද  මේ හේතුවෙන්  පැන නැගී ඇති බවත්ය.

ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගෙන කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ නියෝගය පරිදි ඕමාන් රාජ්‍යයේ සියළුම රැකියා සඳහා විදේශ ගතවන කාන්තාවන් රැකියා වීසා බලපත්‍රයක් යටතේ විදේශ ගතවීම අනිවාර්ය බවත්, සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශ ගතවීමට කරනු ලබන සියළුම උත්සාහයන් වැලැක්වීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් කාර්යාංශ නිලධාරින් වෙත උපදෙස් ලබා දී ඇත.

තවද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීමේ අපේක්ෂාවෙන් සංචාරක වීසා මගින් විදේශ ගතවූ කාන්තා ශ්‍රමිකයින් පිළිබඳවත්, එසේ විදේශ ගතවූ කාන්තාවන්ගේ රැකියා නොලැබීම්, හිරිහැර කිරීම්, සිරගත කිරීම් හා අතරමංවීම් ආදී කරුණු පිළිබඳවද මේ වන විට කාර්යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත.

එබැවින් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යෙදවිම, සංචාරක වීසා මඟින් සිදුකිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති බව මහජනයා වෙත දැනුම් දෙනු ලැබේ.

මෙහිදී කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන්, කාර්යාංශ ලියාපදිංචිය ලබාදීමේදී විශේෂ උපදෙස් මත අදාල කාන්තාවන්ගේ ලියාපදිංචිය සඳහා මෙතෙක් ලබා දී තිබූ අවසරය 2022.10.10 දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටද පියවර ගනු ඇත.

තවද ගුවන්තොටුපොල ඒකකයේ පිහිටුවා ඇති කාර්යාංශ ඒකකයේ සේවයේ නියුතු නිළධාරීන් සදහා විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව සංචාරක වීසා මගින් ඉහත කී  රටවල් සඳහා විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන අතර, ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර, රැකියා සඳහා යොමුවන තැනැත්තන් පිළිබඳව තහවුරුවීමක් සිදුවුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා කාර්යාංශ විමර්ශන අංශය වෙත අදාල කාර්යය පැවරිමටද කටයුතු කරනු ඇත.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »